“පස් දෙනෙක් හිටියා, එක්කෙනයි බේරුණේ” - ජීවිත හතරක් බිලිගත් මාරයා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

“පස් දෙනෙක් හිටියා, එක්කෙනයි බේරුණේ” - ජීවිත හතරක් බිලිගත් මාරයා

“පස් දෙනෙක් හිටියා, එක්කෙනයි බේරුණේ” - ජීවිත හතරක් බිලිගත් මාරයා

අලව්ව ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. 

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ සිසුන් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි. 

 

දියේ ගිලුණු එක් සිසුවෙකු බේරාගෙන රෝහල්ගත කර ඇත.

 

මෙම අනතුරට මුහුණ පා ඇත්තේ පොල්ගහවෙළ ප්‍රදේශයේ පාසලක 9 වැනි ශ්‍රේණියේ දරුවන් පිරිසකි. 

 

පොලිසිය පැවසුවේ, ඔවුන් අලව්ව සහ පොල්ගහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. 

 

එම ළමුන් අද පාසැල් නිමවා පළමුවෙන් ගොස් තිබුණේ, ඔය ආසන්නයේ පිහිටි මිතුරෙකුගේ නිවසකට ය. 

 

පසුව ඔවුන් මාඔයේ දියනෑමට පැමිණ තිබුණි. 

 

එම සිසුන් දියේ ගිලී තිබුණේ, අඩි 30ක පමණ ගැඹුරු වළවල් සහිත ස්ථානයකය.

 

තම මිතුරන් දියේ ගිලෙන අයුරු දුටු සෙසු මිතුරන්ගේ කෑ ගැසීමත් සමග ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා විය. 

 

මිය ගිය සිසුන් 4 දෙනාගේ මෘත දේහ මේවන විට පොල්ගහවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ හෙට සිදුකිරීමට නියමිත ය. 

views

306 Views

Comments

arrow-up