එළවනාකන්දේ අනතුරින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල

මාතලේ විල්ගමුව එළවනාකන්ද ප්‍රදේශයේ අද(20) සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මැදවච්චියේ සිට අම්පාර ප්‍රදේශයේ ගොයම් කැපීම සදහා යමින් සිටි එකම දිශාවට ගමන් කරමින් තිබූ ගොයම් කපන මැෂින් පටවා ගත් ට්‍රැක්ටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදුවී ඇති බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ එක් යන්ත්‍රයක ගමන් ගත් විසි හය හැවිරිදි ඉහල මල්ගස්වැව,පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
එළවනාකන්ද බෑවුම ප්‍රදේශය මෙම යන්ත්‍ර දෙක පටවා ගත් ටැක්ටර් රථ දෙක ගමන් කිරීමේදී එක් යන්ත්‍රයක ඇති වූ කාර්මික දෝෂයක්හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව අනික් යන්ත්‍රය ගැටීමෙන් පහළ බෑවුම් ප්‍රදේශයට ධාවනය වී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
235 Views
Comments