අන්තරේ කැඳවුම්කරුට රනිල්ගෙන් රැදවුම් නියෝග
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

අන්තරේ කැඳවුම්කරුට රනිල්ගෙන් රැදවුම් නියෝග

අන්තරේ කැඳවුම්කරුට රනිල්ගෙන් රැදවුම් නියෝග

 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ සහ තවත් දෙදෙනෙකු හට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අදාළ රැඳවුම් නියෝගය ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

 

 

පසුගිය බ්‍රහස්පතින්දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනකින් අනතුරුව වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබූවා.

 

 

අත්අඩංගුවට ගන්නා විටත් වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණා.

views

564 Views

Comments

arrow-up