ඉන්දියාවේ සරණාගත කඳවුරක සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සියදිවි නසාගැනීමට උත්සහ දරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

ඉන්දියාවේ සරණාගත කඳවුරක සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සියදිවි නසාගැනීමට උත්සහ දරයි

ඉන්දියාවේ සරණාගත කඳවුරක සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සියදිවි නසාගැනීමට උත්සහ දරයි

දකුණු ඉන්දියාවේ බන්ධනාගාරයක් තුළ විශේෂ සරණාගත කඳවුරක සිටින ශ්‍රී ලාංකිකයින් 30කට ආසන්න පිරිසක් පසුගිය මාසයක පමණ කාලය තුළ සියදිවි නසාගැනීමට උත්සාහ දරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 

කෙසේවුවද එම සිද්ධීන්වලින් කිසිදු සරණාගත රැඳවියෙකුට ජීවිත හානියක්වී නොමැති බවද එම වාර්තා පැවසීය.

 

අගෝස්තු මස 18 වනදා තමිල්නාඩු තිරුච්චිරාපල්ලි මධ්‍යම බන්ධනාගාරයේ රැඳවියන් 17ක් සහ ඊට දින දෙකකට පසුව තවත් රැඳවියන් 12 ක් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සාහදරා ඇතැයි වාර්තා වේ.

 

කෙසේවෙතත් 1980 දශකයේ අග භාගයේ සිට ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් ඉන්දියාවට පළා යමින් සිටින අතර ඔවුන් මේවන විට තමිල්නාඩුවේ කඳවුරු 100 කට වැඩි ප්‍රමාණයක රඳවා සිටී.

 

මෙලෙස රඳවා තබා සිටින සරණාගතයින් අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයින්ද වන බව වාර්තාවේ.

 

මොවුන්ට විදේශ ගමන් බලපත්‍ර හෝ වීසාද නොමැති අය වෙයි.

views

1264 Views

Comments

arrow-up