මීගමුව බන්ධනාගාරයේත් රැඳවියන් වහළය මතට නගී

නඩු කටයුතු ඉක්මන් කරන ලෙසත් ඇප ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා මීගමුව බන්ධනාගාර රැදවියන් සිව් දෙනෙකු අද (30) පස්වරුවේ මීගමුව බන්ධනාගාර ගොඩනැගිල්ලක් මතට නැගී උද්ඝෝෂණයේ නිරත වන බව මීගමුව පොලිසිය පවසයි.
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන එම රැදවියන් සිව් දෙදෙනාගේ නොසන්සුන් කාරි තත්වයට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් එක් සැකකරුවකු අත් අඩංගුවට ගත් බව ද මීගමුව පොලිසිය වැඩ්දුරටත් සදහන් කළා.
තත්වය පාලනය කිරිම සදහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බව ද මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය පවසයි .
675 Views
Comments