ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 303ක ආදායමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 303ක ආදායමක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 303ක ආදායමක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයේ ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරීම තුළින් රුපියල් මිලියන 303ක ආදායම් උපයා තිබේ.

 

එහි සභාපති රජීව් සූරියආරච්චි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රට තුළ පැවැති අරගලකාරී තත්ත්වයට හා ආර්ථික අර්බුදය හේතුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයකර ගැනීම පහත වැටී තිබුණු බවයි.

 

නමුත් සියලු දිස්ත්‍රික් කළමනාකරුවන් මහනුවරට කැඳවා මසකට රුපියල් මිලියන 300ක ණය මුදලක් එකතුකර ගැනීමේ ඉලක්කයක් ලබා දී ඒ සඳහා නව සැලැස්මක් හඳුන්වා දීම තුළින් මෙම ඉලක්කයට ළඟා වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

තවද නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිරියේ දී ඩොලර්වලට නිවාස අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බව ද එම නිවේදනයේ දැක්වේ.

views

196 Views

Comments

arrow-up