වෙරළේ සිරි නැරඹීමට ගිය අක්ක නගා ගේ ඉරණම ධාවනය වෙමින් තිබූ දුම්රිය විසඳූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

වෙරළේ සිරි නැරඹීමට ගිය අක්ක නගා ගේ ඉරණම ධාවනය වෙමින් තිබූ දුම්රිය විසඳූ හැටි

වෙරළේ සිරි නැරඹීමට ගිය අක්ක නගා ගේ ඉරණම ධාවනය වෙමින් තිබූ දුම්රිය විසඳූ හැටි

වැල්ලවත්ත වෙරළ තීරය ආසන්නයේ එකම පවුලේ අක්කා නගෝ දෙදෙනෙකු ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ඇති අතර එහිදී බරපතළ තුවාල ලැබූ නංගී මරුමුවට පත්වී ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි. 

 

මෙම සිද්ධිය පෙරේදා(28) පස්වරුවේ සිදුවී ඇත.

 

මියගිය තරුණිය පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් බව පොලිසිය පවසයි.


අනතුරින් මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව, ගෝල්ඩන්වත්ත පදිංචිව සිටි මාදවන් කිරීජා නමැති 22 හැවිරිදි තරුණියකි. 

 

ඇගේ වැඩිමල් සොයුරිය වන මාදවන් මනෝජා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකයේ ප්‍රතිකාර ලබයි. 

 

මියගිය තරුණියගේ මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේදී ඊයේ (29) පැවැත්විණි. 


අදාළ තරුණියන් වැල්ලවත්ත වෙරළ තීරය වෙත ගමන් කිරීමට දුම්රිය මාර්ගය හරහා මාරුවීමේදී කොළඹ කොටුවේ සිට අලු‍ත්ගම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටී ඇත. 

 

වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

views

321 Views

Comments

arrow-up