පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට සාධාරණයක් නොවුණොත් විකල්ප හොයන්න වෙනවා

කතෝලික ජනතාව වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳ වැටුණොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම වෙන කණ්ඩායම්වලට පවරන්නට සිදුවන බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද (3) අගරදගුරු නිල නිවස වෙත ගොස් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් බැහැදුටු අවස්ථාවේ දී අදහස් දක්වමින් කාදිනල්තුමන් මේ බව පැවසූහ.
පාස්කු ප්‍රහාරයයේ ඇත්ත තත්ත්වය එළියට එන තුරු කතෝලික ජනතාව බලා සිටින බවත්, ඒ සම්බන්ධයෙන් සෙවීමේ කොමිෂන් සභාවේ කටයුතු මෙම මස 20 වෙනි දා වන විට නිමවන බව කීවත් ප්‍රහාරයට වගකිව යුතු හා අනුග්‍රහය දැක්වූවන් ගැන සෑහීමකට පත්විය හැකි විමර්ශනයක් සිදුවන්නේ ද යන්න ගැටලුවක් බව ද අගදරගුරුතුමෝ කීහ.
636 Views
Comments