දිවංගත මන්ත්‍රී අමරකීර්තිට කෝටියක වන්දියක්

සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවෙදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ඒ, අද (21) දින පාර්ලිමේන්තුව අමතමින්.
ඒ අවස්ථාවේදී ඝාතනය කෙරුණු මන්ත්‍රීවරයයාගේ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන්ද වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
150 Views
Comments