“හලෝ” හඬින් මාට්ටු වුණු නිමි ඇඳුම් හොරු
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

“හලෝ” හඬින් මාට්ටු වුණු නිමි ඇඳුම් හොරු

“හලෝ” හඬින් මාට්ටු වුණු නිමි ඇඳුම් හොරු

තඹුත්තේගම ඇඟලුම් කාර්මාන්ත ශාලාවකින් ලක්ෂ 53ක් වටිනාකමකින් යුතු නිමි ඇඳුම් සොරාගැනීමට තැත්කළ එම කර්මාන්ත ශාලාවේ මුරකරුවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් පෙරේදා (13) අලුයම කටයුතු කර ඇත.

 

පාන්දර දෙකට පමණ ඇඟලුම් කරමාන්ත ශාලාවේ සොරකමක් සිදුවන බවට එම කර්මාන්ත ශාලාවේ මානව දත්ත කළමනාකාරවරයාට හදිසි දුරකථන පණිවුඩයක් ලැබී ඇත.

 

පසුව කළමනාකරවරයා එම පණිවුඩය ලැබුණු විගසම මේ සම්බන්ධයෙන් සිය ජංගම දුරකථනයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කිරීමත් සමග තඹුත්තේගම පොලිසිය ක්‍රියාත්මක වී තිබේ.

 

එහිදී මෙම සැකකරුවන් පිරිස සහ නිමි ඇඳුම් තොගය හා ඒවා රැගෙන යෑමට පැමිණි ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත නිමි ඇඳුම් තොගයක් පිටරටට අපනයනය කිරීම සඳහා කන්ටේනර් පෙට්ටියක ගබඩා කර තිබී ඇත.

 

මෙම කර්මාන්ත ශාලාවේ මුරකරුවන් දෙදෙනෙකු තවත් පිරිසක් සමග එක්ව එම කන්ටේනර් පෙට්ටිය කඩා එහි තිබූ නිමි ඇඳුම් කර්මාන්ත ශාලාව වටා ඇති තාප්පයෙන් එළියට විසිකර ලොරියට පටවමින් සිට ඇත. සැකකරුවන් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තඹුත්තේගම, කලංකුට්ටිය, සෝලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර තඹුත්තේගම මූලාස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විමලසේන ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

274 Views

Comments

arrow-up