බය වෙන්න එපා, තෙල් වල වතුර නෑ..! – CEYPETCO

කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත රැගෙන ආ ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී තිබීමේ සිදුවීම සම්බන්ධයෙන් වහා ම පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පරීක්ෂණයක් සිදු කරන ලෙස සංස්ථා පාලනාධිකාරියට දැනුම් දී ඇති අතර, එහි විමර්ශන කටයුතු රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ අධීක්ෂණය යටතේ සිදු කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
කෙසේ වෙතත් පාරිභෝගික ජනතාව වෙත කිසිදු අයුරකින් ජලය මිශ්‍රිත ඉන්ධන තොග ලැබීමට ඉඩකඩ නොමැති අතර, නිසි ප්‍රමිතියෙන් යුතු ඉන්ධන සැමවිටම ලබා දීමට සංස්ථාව කටයුතු කරන බව යි එම නිවේදනයේ දැක්වෙන්නේ.
245 Views
Comments