අලුත් අවුරුදු උදාවේ අනතුරුවලින් 18 දෙනෙක් නොඑන ගමන් යති

2022 නව වසර උදාවීමත් සමඟ සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.
නව අවුරුද්ද උදා වීමත් සමඟ වව්නියව, මීගමුව, පුදුකුඩිඉරුප්පු, හෝමාගම, හබරණ, පින්නවල, හබරාදූව, දුන්ගල්පිටිය යන ප්‍රදේශවලදී සිදුවු අනතුරුවලින් මෙම පිරිස මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.
දිනක් තුළ අනතුරුවලින් පුද්ගලයන් 18 දෙනෙක් මියයාම සුළුකොට තැකිය නොහැකි බවද හෙතෙම පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ මෙම පිරිස අතර පාසල් සිසුන්ද සිටින බවයි.
619 Views
Comments