තවත් ඇමතිවරු 10ක් අද දිව්රුම් දෙති - ලැයිස්තුව මෙන්න

ආණ්ඩුවේ තවත් කැබිනට් ඇමතිවරුන් 10 දෙනෙකු අද (23) දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඒ අනුව ඩග්ලස් දේවානන්දා, ශෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, විදුර වික්‍රමනායක ඇතුළු 10 දෙනෙක් මීට අයත් බව වාර්තා වනවා.
තවද මුදල් අමාත්‍ය ධූරය අගමැතිට රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරනවා
මේ වන විට නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 13 දෙනෙකු දිවුරුම් දී ඇති අතර අද දිවුරුම් දීමට නියමිත 10 දෙනා සමඟ ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව 23 දක්වා ඉහළ යනවා.
මෙම දිවුරුම්දීම කැබිනට් අමාත්‍යවරුන් පත් කරන අවසන් වටය වීමට බොහෝ දුරට ඉඩක් පවතින බවද වාර්තා වනවා.
මේ සමඟ අදාල අමාත්‍යවරුන්ගේ ලේකම්වරුන් පත් කිරීමද බොහෝ දුරට අද දින සිදු වනු ඇති බවටද වාර්තා වනවා.
ජී.එල් පීරිස් සහ අලි සබ්රි හිටපු ඇමැතිවරුන් දෙදෙනාගේ ධූර මාරු වීමේ ඉඩක් පවතින බවද දැනගන්නට ලැබී තිබෙනවා .
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දැනට පත් කරන්නේද නැද්ද යන්න ගැන නිශ්චිත තීරණයක් නොමැති අතර මේ සතිය අවසන් වන විට සියලු පත් කිරීම අවසන් කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
2196 Views
Comments