ගුවන් යානය කඩාවැටීමෙන් මියගිය නියමුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

ඊයේ දිනයේ දී සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය පුහුණු නියම වාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරෙනවා.
ත්‍රිකුණාමලය මහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ දේහය ඥාතීන් භාර දෙන බවයි ගුවන් හමුදාව පවසන්නේ.
පුහුණු කටයුත්තක් සඳහා ්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් පී ටී 6 වර්ගයේ පුහුණු ගුවන් යානයකින් ගුවන්ගත වූ කැඩෙට් නිලධාරී ශාලින්ද අමරකෝන් මියගියේ හදිසි ගුවන් යානය කන්තලේ ජනරංජන වැව ආසන්නයට කඩා වැටීමෙන්.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා ගුවන් හමුදාපති වරයා විශේෂ කමිටුවක් ද පත්කර තිබෙනවා.
මියගිය කැඩෙට් නිලධාරි ශලින්ද අමරකෝන් රුවන්වැල්ල මාපිටිය ප්‍රදේශයේ පදිංචි විසි තුන් හැවිරිදි තරුණයෙක්.
633 Views
Comments