COVID19 : මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 21,800 දක්වා ඉහළට

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 542 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 21,800 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 7436 ක් වනවා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 29 378 ක්.
දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව ආසාදිතයින් 25,822 ක් වාර්තා වී තිබෙනවා.
දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 142 ක්.
701 Views
Comments