උද්ඝෝෂණ නවත්වන්න එපා - අනුර
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

උද්ඝෝෂණ නවත්වන්න එපා - අනුර

 උද්ඝෝෂණ නවත්වන්න එපා - අනුර

ආණ්ඩුවට එරෙහිව ගෙන යන උද්ඝෝෂණ තීව්‍රර කළ යුතු මෙන්ම උද්ඝෝෂණ නතර නොකළ යුතු බවත් පොදු ජනතාව ගෙන යන උද්ඝෝෂණවලට ජාතික ජනබලවේගය උපරිම සහයෝගය ලබා දෙන බවත් ජාතික ජනබලවේගය පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

 

 

එම උද්ඝෝෂණ සඳහා උපරිම මැදිහත්වීම ලබාදෙමින් ජාතික ජනබලවේගය හැටියට උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බවත් දිසානායක මහතා කීය. 

 

 

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම අනිවාර්යෙන්ම වියයුතු බවත් එසේ වුවහොත් අන්තර් කාලීන පාලනයක් සඳහා වන ජාතික ජනබලවේගයේ යෝජනා ඉදිරිපත් කරන බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

views

656 Views

Comments

arrow-up