කඩු ප්‍රහාරයකින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබයි

කඩු වලින් පහරදීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේ පුවතක් යාපනය, කෝපායි සෙල්වපුරම් ප්‍රදේශයෙන් වාර්තාවෙනවා.
කෝපායි පොලිසිය සඳහන් කලේ, ඊයේ(30) යතුරුපැදිවලින් පැමිණි කණ්ඩායමක් සෙල්වපුරම් ප්‍රදේශයේ පිරිසක් වෙත කඩු රැගෙන විත් කඩුවලින් පහර දී වාහන කිහිපයකටද හානි සිදුකොට ඇති බවයි.
පෞද්ගලික ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇති බවට සැක පළ කරන පොලිසිය, සිදුවීමෙන් පුද්ගලයින් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා.
රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කලේ එක් අයෙකුගේ අතක් වෙන්වන සේ කපා දමා ඇති බවයි.
අදාළ පහරදීමෙන් මෝටර් රථයකට හා ත්‍රීරෝද රථයකටද හානි සිදුවි ඇති අතර පහරදුන් කණ්ඩායම පහරදීමෙන් අනතුරුව පළාගොස් ඇති බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කලා.
සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
731 Views
Comments