JUN
21
ඊයේ දිනයේ කිසිදු කොරෝනා ආසාදිතයෙකු නැහැ

මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ඊයේ (20) දිනයේ දී වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මෙරටින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ සිට අද දක්වා කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 1472 කු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලැබීමත් සමඟ දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 467 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
718 Views
Comments