ජාතික රෝහලේ මුදල් මංකොල්ලය වැළැක්වූ බුද්ධි අංශ නිලධාරියා මියයයි

පසුගිය ජුනි මස 09 වෙනිදා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිදුකළ රුපියල් ලක්ෂ 79 මුදල් මංකොල්ලය වැළැක්වීමට ඉතා දක්ෂ අයුරින් ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙකු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අලහප්පෙරුම නම් මෙම බුද්ධි අංශ නිලධාරියා සහ තවත් නිලධාරියෙකු ගමන් කරමින් සිටි යතුරු පැදිය පසුගිය 11 වෙනිදා රාත්‍රියේදී බම්බලපිටිය හැව්ලොක් පාරේ පිහිටි සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවු අතර ඉන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
මෙම රිය අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය පදවා ගෙන ගිය රියදුරා නීති ශිෂයෙක් බවත් ඔහු එම අවස්ථාවේදී බීමතින් සිටිය බවට හෙළිවී තිබුණා.
රිය අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි රාජ්‍ය බුද්ධි අංශයට අනියුක්ත පොලිස් නිලධාරියා අද අලුයම කොළඹ ජාතික රෝහලේදී මියගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න ප්‍රකාශ කලේ.
1110 Views
Comments