මගී ප්‍රවාහන බස් වලට පොලීසිය කරන්න යන අලුත්ම දේ (VIDEO)

මගීන් ප්‍රවාහනයේ යෙදෙන බස් රථ රියදුරන් විසින් මාර්ග නීති කඩ කරන්නේදැයි හඳුනා ගැනීමට සහ ඔවුන් නිරෝධායනය රීතීන්ට අනුකූල වන්නේදැයි සොයා බැළීමට සෑම බස් රථයකටම සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
බස් රථ විසින් නිරෝධායන රීතීන් කඩ කිරීම පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ ඉහළ යාමත් පොලිස් මුරපොළවල් අසල පමණක් රියදුරන් විනයවත් වීමත් යන කරුණු සලකා බලා මෙම පියවර ගත් බවයි පොලිසිය පවසන්නේ.
මේ අනුව මගියෙකු ලෙස සැරසුණු රථවාහන පොලිස් නිලධාරියෙකු සෑම බස් රථයකම ගමන් කරනු ඇති අතර සිදුවන සියළුම නීති කඩ කිරීම් පිළිබඳව සටහන් තබා ගනු ඇත.
864 Views
Comments