පොළොන්නරුව - අභයපුර ගම්මානය අද සිට යළි විවෘතයි

පොළොන්නරුව, අභයපුර ගම්මානය අද පෙරවරුවේදී සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමට පසුගිය අප්‍රේල් මස 23 වැනිදා සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා.
ආසාදිත බවට හඳුනා ගත් මෙම පුද්ගලයා ජීවත්වු පොළොන්නරුව අභයපුර පූමාඩිය ගම්මානයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමටයි ආරක්ෂක අංශ කටයුතු කර තිබුණේ.
655 Views
Comments