72 හැවිරිදි ටියුෂන් ගුරා බාලවයස්කාර දැරියව කෙළෙසයි

මුලතිව්, උඩුප්පුකුලම් ප‍්‍රදේශයේ වයස අවුරුදු 72ක විශ‍්‍රාමික ගුරුවරයෙකු විසින් දාහතර හැවිරිදි ශිෂ්‍යාවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ගුරුවරයාව පසුගිය 16 වනදා මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගුරුවරයා යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මුලතිව් උඩුප්පුකුලම් ගම්මානයේ නිවසක පදිංචිව දරුවන්ට අමතර පන්ති පවත්වා තිබේ.
එලෙස පවත්වන අමතර පන්තියකට සහභාගි වීමට පැමිණි ශිෂ්‍යාවක් එම ගුරුවරයා විසින් දූෂණය කොට ඇත.
මේ සම්බන්ධයෙන් දෙමව්පියන් විසින් මුලතිව් පොලිසියට කල පැමිණිල්ලෙන් පසුව සැකකාර ගුරුවරයා මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබෙන අතර ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
794 Views
Comments