අපේ පරීක්ෂණ හරි..චීනයට ශ්‍රී ලංකාවෙන් ප්‍රති ප්‍රහාර!

චීනයෙන් ගෙන්වීමට නියමිත කාබනික පොහොර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සිදුකළ පරීක්ෂණ දෝෂ සහගත බව චීන තානාපති කාර්යාලය පැවසුව ද එම පරීක්ෂණ සිදුකළ මෙරට ආයතනය එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලබයි.
චීන සමාගමින් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්‍රජීවීන් අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදු වූවක් බව චීන තානාපති කාර්යාලය (09) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
කෙසේ වෙතත් එම පර්යේෂණ ක්‍රියාවලිය පිළිබඳව සදහන් කලෙ මෙරට ශාක නිරෝධායන සේවාව නියමිත අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සිය පරීක්ෂණය සිදුකර අදාළ කාබනික පොහොරවල දෝෂ සහගත බව තහවුරු කර ගත් බවය.
එම පරීක්ෂණ නිසි ලෙස සිදුකර නොමැති බවට චීන තානාපති කාර්යාලයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශාඛ ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය දේවිකා ද කොස්තා මහත්මියගෙන් අප විමසීමක් කළේය.
ඒ පිළිබඳව අදහස් දක්වන දේවිකා ද කොස්තා මහත්මිය පැවසුවේ,
"විද්‍යාත්මක නිගමනයකට අනුව එම වාර්තා දෙන්න දින තුනක සිදුකරන පර්යේෂණවලින් සිදුකරන්න පුළුවනි. මොකද ශාක නිරෝධායන සේවයේ සිදුකර තිබෙන පර්යේෂණවලට අනුව ඒ අය මුලදීම සාම්පල වගා භූමිවල යොදලා තියෙනවා. ඊට පස්සේ වර්ණකාරක යොදලා පර්යේෂණ කරලා තියෙනවා. ඒවාට ජෛව රසායනික මට්ටමේ පර්යේෂණ කරලා තියෙනවා. ඊට පස්සේ මේක අර්වීනියා ද අර්වීනියා කැරටවෝවා ද කියලා හොයා ගන්න කැරට් පෙති පරීක්ෂණය කරලා තියෙනවා. මේ සාම්පලය සම්පූර්ණයෙන්ම ක්ෂුද්‍ර ජීවින්ගෙන් තොර නැහැ කියන්න හැකියාව තියෙනවා මේ දින තුන තුළ කරන පර්යේෂණවලින්."
735 Views
Comments