කොස්‌තාපල් යටකර මරාදමා වාහනය පළා යයි - වාහනය සොයාගැනීමේ පමාව ගැන ඥාතීන්ට සැක
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

කොස්‌තාපල් යටකර මරාදමා වාහනය පළා යයි - වාහනය සොයාගැනීමේ පමාව ගැන ඥාතීන්ට සැක

කොස්‌තාපල් යටකර මරාදමා වාහනය පළා යයි - වාහනය සොයාගැනීමේ පමාව ගැන ඥාතීන්ට සැක

රාජකාරි නිමාකර නිවස බලා යමින් සිටියදී වාහනයක ගැටී බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු මරණයට පත්ව තිබේ.

 

පසුගිය 01 වැනිදා රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

 

මෙලෙස මිලගොස් ඇත්තේ කොළඹ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයට අනුයුක්තව අනුරාධපුර උප ඒකකයේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 87769 වීරසිංහ ආරච්චිගේ ශෂී ගයාෂාන් නමැති 30 හැවිරිදි කොට්ටුකච්චිය මැල්ලන්කුලම පදිංචි එක්දරු පියෙකි.

 

අනුරාධපුර සිට සේවය නිමවී කොට්ටුකච්චියේ නිවසට යමින් සිටියදී නාවික හමුදා කඳවුර ආසන්නයේදී කිසියම් වාහනයක ගැටී බරපතළ තුවාල ලබා සිටියදී මාර්ගයේ ගමන් කළ ලොරි රථයක නංවා රෝහල් ගතකර තිබේ.

 

කෙසේ වුවත් පවුලේ ඥාතීන් පවසන්නේ 01 දින රාත්‍රියේ පොලිස් කොස්තාපල්වරයා අනතුරට ලක්වු වාහනය දින තුනක් යනතුරුත් සොයා ගැනීමට පොලිසිය අසමත්ව ඇති බවයි. 

 

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම කොස්තාපල්වරයා ගැටී ඇති වාහනය එම ස්ථානයෙන් ඉවත් කර ඇතිද එසේ නැතිනම් රහසේම පලා ගොස් ඇතිද යන්නද ගැටලූ සහගත බවයි.

 

පුත්තලම පොලිසිය පැවසුවේ අනතුරට සම්බන්ධ වාහනය සොයා පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

 

මරණයට පත් පොලිස් කොස්තාපල් පොලිස් සේවයට එක්වී වසර 11ක් ගතවන අතර ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ හා යාපනය පොලිස්ථානයේද සේවය කර තිබේ.

 

ඔහුගේ බිරිඳ පුත්තලම මුලික රෝහලේ හෙදියක් වන අතර ඔවුන්ට වයස අවුරුද්දක පමණ දියණියක් සිටී.

 

views

2414 Views

Comments

arrow-up