විමල්ගෙන් ගැලවුනු අනූෂ මහින්ද ලගට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

විමල්ගෙන් ගැලවුනු අනූෂ මහින්ද ලගට

විමල්ගෙන් ගැලවුනු  අනූෂ මහින්ද ලගට

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරය දරන ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ නව ලේකම් ලෙස අනුෂ පැල්පිට මහතා වැඩ භාරගෙන ඇත.

 


මීට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, තමාට ධූරයෙන් විශ්‍රාම යෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ලිපියක් යොමුකර තිබේ.
මීට පෙර රාජ්‍ය ආයතන ගණනාවක මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යයක්ෂ ධුරයේ ද අනූෂ පැල්පිට මහතා කටයුතු කර තිබේ.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඔහු කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කෙරුණි.

 


එම අමාත්‍යාංශයේ පුරප්පාඩු වන තනතුර සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර ඇත.එසේම ශ්‍රී වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස, එම කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස සැලකෙන නිහාල් කැප්පෙටිපොළ මහතා පත්කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

views

804 Views

Comments

arrow-up