බස්නාහිරින් ගියොත් නිරෝධනයට

සංචරණ සීමා පැනවීමෙන් පසුව බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට ගොස් සිටින පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට තිරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
එලෙස යම් පුද්ගලයෙක් බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට ගොස් සිටින්නේනම් ඔවුන් සෞඛ්‍ය බලධාරීන් සමග මැදිහත් වී ස්වයං නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කරන ලෙස දිවයිනේ සෑම පොලිස් ස්ථානයක්ම දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
අත්‍යාවශ්‍ය සේවා සිදුකරන පුද්ගලයෙකුට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට ගමන් කිරීමට නොහැකි අතර වෙනත් පළාතක සිට බස්නාහිර පළාතට පැමිණීමට නොහැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
775 Views
Comments