මොණරාගල - සියඹලාන්ඩුව මාර්ගයේ රිය අනතුරකින් පස් දෙනෙක් රෝහලේ

මොණරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ දොඩගහවෙල, කොඩයාන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් උක්දඬු ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක ගැටී අනතුරක් සිදු වී ඇති බව වාර්තා වේ.
වංගු සහිත ස්ථානයක ධාවනය වෙමින් තිබූ ටැක්ටර් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා බස් රථයේ ගැටී ඇති අතර බස් රථය මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මෙම අනතුරින් බස් රථයේ ගිය සිවුදෙනකු හා ට්‍රැක්ටර් රථයේ රියදුරා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
199 Views
Comments