JUL
19
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තිදෙනෙක් අත්අඩංගුවට

වාලච්චේන පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු වාලච්චේන - කුඹුරුමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් සියයයි මිලිග්‍රෑම් 5 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.
මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22, 27 හා 30 යන වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට අද(19) ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කරයි.
736 Views
Comments