මාතර රැඳවියන් අඟු‍ණකොළපැලැස්සට මාරුකර යවයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

මාතර රැඳවියන් අඟු‍ණකොළපැලැස්සට මාරුකර යවයි

මාතර රැඳවියන් අඟු‍ණකොළපැලැස්සට මාරුකර යවයි

මාතර බන්ධනාගාරය තුළ ඊයේ (22දා) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට අද (23) උදෑසන පියවර ගෙන ඇත.

 


මාතර බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් දෙදෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට විරෝධය පළ කරමින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් පිරසක් ඊයේ රාත්‍රී 8ට පමණ බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

 

ඇතිවූ තත්ත්වය සමග බන්ධනාගාරයේ ඉහළ ආරක්ෂක කුටිවල බන්ධනාගාර නිලධාරීන්ට ගල් – මුල්වලින් පහරදීමට රැඳවියන් කටයුතු කිරීමත් සමග තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් අහසට වෙඩිතබා තිබුණි.

views

110 Views

Comments

arrow-up