ත්‍රිවිල් - බස් ගැටී බිහිසුණු අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

ත්‍රිවිල් - බස් ගැටී බිහිසුණු අනතුරක්

ත්‍රිවිල් - බස් ගැටී බිහිසුණු අනතුරක්

හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

තුවාලකරුවන් දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ සිටි පාසල් සිසුවෙකු ඇතුළු තුවාලකරුවන් තිදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව හැටන් පොලීසිය පැවසීය.

 

ඊයේ (16) රාත්‍රියේ අනතුර සිදුව තිබූ අතර, හැටන් සිට හැටන් ලෙදන්ටි වතුයාය දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටි බවට අනාවරණය වී තිබේ. 

 

ත්‍රිරෝද රථයේ අවුරුදු 13ක පාසල් සිසුවෙකු ඇතුළු ඔහුගේ මිතුරන් සිව්දෙනෙකු නංවාගෙන අධික වේගයෙන් ත්‍රිරෝද රථය ධාවනය කරන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මස්කෙළියේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයේ ඉදිරිපස ත්‍රිරෝද රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇත.

 

බස් රථයේ රියදුරා හැටන් පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

views

67 Views

Comments

arrow-up