බිරිඳගේ හොර සැමියා බය කරන්න වෙඩි තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
06

බිරිඳගේ හොර සැමියා බය කරන්න වෙඩි තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට

බිරිඳගේ හොර සැමියා බය කරන්න වෙඩි තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට

තම බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයකු බියවැද්දීම සඳහා වෙඩි තැබීමක් සිදු කළ බව කියන අයකු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් 04 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.



මෙම සැකකරු තවත් වෙඩික්කරුවකු සමග යතුරුපැදියකින් ගොස් ග්‍රෑන්ඩ්පාස්, කැළණි පාලම අසලදී වෙඩි තැබීමක් සිදුකර ඇත්තේ පසුගිය 01 වැනිදා ය.



යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු කැළණි පාලම උඩදී තමාට වෙඩි තැබූ බවට ග්‍රෑන්ඩ්පාස්, සිරිපාල පිංතු මාවතේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබිණි.



ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ පරික්ෂණයේදී අදාළ වෙඩි තැබීමට හේතුව අනියම් පෙම් සබඳතාවක් බව හෙළිව තිබේ.

 

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බව කියන එම ප්‍රදේශයේ පුද්ගලයකුගේ 31 හැවිරිදි බිරිඳ සමග පැමිණිලිකරු අනියම් ඇසුරක් පවත්වා ඇති බවත් ඊට උරණ වූ අදාළ කාන්තාවගේ සැමියා විසින් පැමිණිලිකරු ඝාතනය කරන බවට මීට සති කිහිපයකට පෙර තර්ජනය කර ඇති අතර, පසුව ඔහු නුවරඑළියට පලාගොස් තිබේ.

 

ඔහු යළි කොළඹට පැමිණිමෙන් පසු ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් මත යතුරුපැදියකින් ගොස් කැළණි පාලම අසළදී පෙර කී පුද්ගලයාට වෙඩි තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 

මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සිරිපාල පිංතු මාවතේම පදිංචි අයකු වන අතර, ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
 

තමා කුලී වෙඩික්කරුවකු ලවා අදාළ වෙඩි තැබීම සිදුකළ බවට එම සැකකරු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ. වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන පිස්තෝලයක් ද ඔහුගේ නිවසේ තිබී සොයාගෙන තිබේ.



වෙඩික්කරු කවුරුන්දැයි තමා නොදන්නා බවත් අදාළ ඉලක්කය වෙත තම යතුරුපැදියෙන් ඔහු රැගෙන යාම පමණක් සිදුකළ බවත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.



මෙම වෙඩි තැබීම සඳහා ඔත්තු බලමින් ආධාර අනුබල දුන් අයකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

views

288 Views

Comments

arrow-up