AUG
10
පවුම් පනහේ නව කාසියක් නිකුත් කරයි

එක්සත් රාජධානිය චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් පවුම් පනහේ නව කාසියක් නිකුත් කර තිබෙනවා.
නව කාසිය එළිදක්වා තිබෙන්නේ චාල්ස් රජුගේ සහ ඔහුගේ රාජාභිෂේකය සිදු වු වෙස්මිනිස්ටර් ඇබේ හි පැතිකඩක් සහිතව වේ.
වාර්තා වන්නේ මෙවැනි කාසි මිලියන පහක් නිකුත් කර ඇති බවයි.
තැපැල් කාර්යාල හා බැංකු වෙත එම කාසි යොමුකර තිබෙනවා.
මෙය චාල්ස් රජුගේ රුව ඇතුලත් දෙවන කාසිය ලෙස වාර්තා වේ.
මීට පෙර 2022 වසරේ දී සිය මව වන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ඔහු සිංහාසනයට පත්විම සනිටුහන් කරමින් ද චාල්ස් රජුගේ රුව ඇතුලත් කාසියක් නිකුත් කෙරුණා.
212 Views
Comments