දිවුල්ගස්මුල්ල මළ ගෙදරකින් අලුත් කොරෝනා පොකුරක් නිර්මාණය වෙයි

කොස්ලන්ද ඌව මාවෙලගම දිවුල්ගස්මුල්ල අවමංගල්‍ය නිවසින් මේ වන විට කොරෝනා රෝගීන් 42 දෙනකු හදුනා ගෙන ඇත.
මීට පෙර මෙම මලගෙදරින් ආසාධිතයින් සිව් දෙනකු හදුනාගත් අතර එම සිව් දෙනා දැනට රෝහල් ගත කර ඇත.ඒ අනුව අද දින වාර්තා වූ නව ආසාධිතයින් සමග මල ගෙදර සහභාගී වූ 42 දෙනකු මේ වන විට කොරෝනා ආසාධිත ව් ඇත.
සෞඛ්‍ය නීත උල්ලංගනය කරමින් අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කර ඇති මෙම මල ගෙදර මේ වන විට ආශිතයින් සොයා මලගෙදරට සහභාගී වූ ගම්මානයේ පවුල් 37ක පුද්ගලටන් 148 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සිදුකරමින් පවතින හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
752 Views
Comments