රඹුක්කන සිදුවීම ගැන ඇමරිකානු තානාපතිනියගෙන් හදිසි නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

රඹුක්කන සිදුවීම ගැන ඇමරිකානු තානාපතිනියගෙන් හදිසි නිවේදනයක්

රඹුක්කන සිදුවීම ගැන ඇමරිකානු තානාපතිනියගෙන් හදිසි නිවේදනයක්

රඹුක්කන ප්‍රදේශයෙන් ලැබෙන බිහිසුණු පුවත ගැන තමන් බලවත් ලෙස ශෝකයට පත් වූ බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති වරිය වන ජූලි චන්ග් මහත්මිය පවසනවා.

 

විරෝධතාකරුවන්ට හෝ පොලිසියට එරෙහිව ඇතිවන ඕනෑම ප්‍රචණ්ඩත්වයක් තමන් හෙළා දකින බව සඳහන් කර සිටින ඇමරිකානු තානාපතිවරිය සෑම පාර්ශවයකින්ම සංයමයෙන් සහ සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටින බවයි ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍ය වන බවත් සාමකාමි විරෝධතා දැක්වීමට ජනතාවගේ අයිතිය තහවුරු කළ යුතු බවද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

views

1768 Views

Comments

arrow-up