කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරු ඉවත් කල අපූරු වාට්ටු වෙනස
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරු ඉවත් කල අපූරු වාට්ටු වෙනස

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරු ඉවත් කල අපූරු වාට්ටු වෙනස

කොවිඩ් වෛරසය ආසාදිත මාතෘ හා ගර්භණී මව්වරුන්ට ප්‍රතිකාර ලබාදීම සඳහාම වෙන්වුණු කඳාන ආනියකන්ද දිසා රෝහලේ ස්ථාපිත කර තිබුණු කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය ආසදිතයින් රැසක් ප්‍රතිකාර ලබමින් සිටියදීම එම ස්ථානයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.

 

හදිසියේ ගෙන ඇති එම තීරණය හේතුවෙන් තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි රෝගීන් පවසයි. 

 

මේ වන විට කොවිඩ් 19 ආසාදිත ගැබිනි මව්වරුන් සඳහා ප්‍රතිකාර ලබාදීම සඳහාම වෙන්වුණු ඇඳන් 60 කින් සමන්විත ගම්පහ දිස්ත්‍රික්කයටම ඇති එකම අංග සම්පුර්ණ පහසුකම් වලින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානය වූ මෙහි සේවයේ නියතුව සිටි හෙද නිලධාරි මණ්ඩලය සහ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයාද රාගම ශීක්ෂණ රෝහලට අනුයුක්ත කිරීමට රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් කටයුතු කර තිබේ. 

 

ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ආනියකන්ද දිසා රෝහලේ සාමන්‍ය වාට්ටු දෙකකට ඇතුළත් කොට තිබේ.

 

මේ පිළිබඳ රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන දිසා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන ගොඩනැගිල්ල කඳාන හෙද විදුහලට පවරා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන්ට ලිඛිතව දැනුම්දී ඇති බැවින් තමා ඒ අනුව කටයුතු කර ඇති බවයි.

views

756 Views

Comments

arrow-up