බදුර්දීන්ගේ නිවසේ සේවය කල දැරිය මිය යාමේ සිද්ධියේ පර්යේක්ෂණ වෙනතක හැරවීමේ කුමන්ත්‍රණයක් (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

බදුර්දීන්ගේ නිවසේ සේවය කල දැරිය මිය යාමේ සිද්ධියේ පර්යේක්ෂණ වෙනතක හැරවීමේ කුමන්ත්‍රණයක් (VIDEO)

බදුර්දීන්ගේ නිවසේ සේවය කල දැරිය මිය යාමේ සිද්ධියේ පර්යේක්ෂණ වෙනතක හැරවීමේ කුමන්ත්‍රණයක් (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී  රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී අභිරහස් ලෙස මියගිය බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ වෙනතක හැරවීමට උත්සාහයක් තිබෙන බව පවුලේ ඥාතීන් චෝදනා කරනවා.

 

වයස අවුරුදු පහළොවේදී මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයට ගිය නිෂාලිනී පසුගියදා දැඩි පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර සිටියදී මියගියා.

 

ඇගේ මරණ පරීක්ෂණයේ දී දැරිය කිහිප වරක් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව අනාවරණය වූවා.

 

පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ දැරිය නිවසේ සිටියදී දුසිරිතෙහි යෙදුනු බවට ඔප්පු කිරීම සඳහා පර්යේෂණ කණ්ඩායම් උත්සාහ ගන්නා බවයි.

 

 

views

809 Views

Comments

arrow-up