නගර සභා සේවකයකු වෙඩි ප්‍රහාරකින් මරුට

ඊයේ (20) උදෑසන දෙහිවල, කඩවත පාරේ දී දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සේවකයකුට යතුරුපැදියකින් පිටුපසින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ, කඩවත පාර සිරිසේන දහනායක ක්‍රීඩාංගණයේ ඇති ඝන අපද්‍රව්‍ය ඒකකයේ කම්කරුවකු ලෙස සේවය කරන දෙහිවල ගුණාලංකාර මාවත, අංක 40 නිවසේ පදිංචිව සිටි 46 හැවිරිදි නාරාහේන්පිටගේ අනුර කොස්තා නමැති දෙදරු පියෙකි.
මෙම වෙඩි තැබීම කලුබෝවිල, කඩවත පාර, ක්‍රීඩාංගණය අසල අංක 181/බී ස්ථානයේදී සිදු වී ඇත. තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
මෙහිදී ඝාතනය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවත්නා ගැටුම්වල ප්‍රතිඵලයක් විය හැකි බවට පොලිසිය සැක කරයි.
162 Views
Comments