“අවුරුදු කාලේ සම්බා කිලෝව 125ට දෙනවා” - ඇමැති බන්දුල

සතොස ශාඛා හරහා අලූත් අවුරුදු සමය තුල සිට ඉදිරියට සම්බා කිලෝවක් රුපියල් 125ක මිලකට අණ්ඩව ලබාදිමේ වගකිම තමන් භාරගන්නා බව වෙළඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඊයේ(13) ගාල්ල උණවටුණ ප්‍රදේශයේ සතොස අලෙවිසැලක් විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
හෙතෙම මෙලෙසද කිවේය.
“සතොස භාණ්ඩ නැතිවිමට හේතුව තමයි පාරිභෝගිකයින් විශාල ලෙස භාණ්ඩ රැගෙන යාම. දෙසැම්බර් මාසයේ සතොස පිරිවැටුම රුපියල් බිලියන 4.8යි. කෝටි 480ක්. මේ සඳහා බෙදාහැරිමේ ක්‍රමය වැඩිදියුණු කරගත යුතුයි. අපේ ජිවතකාලය තුල මින් පෙර ලබලා තියෙන අර්බුදයක් නෙවෙයි.
1930න් පසු ලෝක ආර්ථික අවපාතයෙන් පසු ඉන්පසු දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ඇතිවෙලා තියෙන දැවැන්තම විපත්තිකාරි කාලය තමයි අපි කල්පසු කරන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩි වසංගතය නිසා මියගිය සංඛ්‍යාව ලක්ෂ 08ට වඩා වැඩියි.”
634 Views
Comments