ඉන්ධන මිල වසර තුනකින් ඉහළම අගය වාර්තා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

ඉන්ධන මිල වසර තුනකින් ඉහළම අගය වාර්තා කරයි

ඉන්ධන මිල වසර තුනකින් ඉහළම අගය වාර්තා කරයි

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදුන්න ද ඉන්ධන මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරනවා.

 

ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 85 දක්වා වසර තුනකින් ඉහළම අගයට පැමිණ තිබෙනවා.

 

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 82.28 දක්වා ඉහළ ගියා.

 

ඒ අනුව ගතවූ සතිය තුළ පමණක් බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක් සියයට 3 කින්ද, ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 3.5 කින් ද ඉහළ ගොස් තිබෙනවා.

views

700 Views

Comments

arrow-up