සේවකයින්ට පහර දී ඉන්ධන පිරවුම්හලකට අලාභ හානි කළ තුනක් පොලිස් අත්අඩංගුවේ

ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල සේවායින්ට සහ ඉන්ධන පිරවුම් හලකට පහර දී අලාභ හානි සිදුකළ පුදග්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
අදාල සැකකරුවන් තිදෙනා ඊයේ (28) රාත්‍රියේ ඇල්පිටිය, කුරුදුගහහැතැප්ම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට ත්‍රිරෝද රථයකින් පැමිණ පෙට්‍රල් ඉල්ලා තිබෙනවා.
එහි සිටි සේවකයින් එම අවස්ථාවේ පෙට්‍රල් නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පසු කෝපයට පත් ඔවුන් සේවකයින්ට සහ ඉන්ධන පිරවුම්හලටද පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සැකකරුවන් තිදෙනා සහ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය ඇල්පිටිය පොලිසිය විසින් අඩංගුවට ගෙන තිබෙනවා.
976 Views
Comments