කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ධීවර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ධීවර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් මියයයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ධීවර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් මියයයි

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කය භාර සහකාර අධ්‍යක්ෂක එච්.ඩී. රෝහිත ඇන්සලම් මහතා කොවිඩ් - 19 වෛරසය ආසාදනයවීමෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(24) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

ඒ මහතා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් පීඩාවට පත්වූ ධීවරයින්ට වන්දි ලබාදීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ නිලධාරියෙකු බව ධීවර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලා.

 

වන්දි ලබාදීම සඳහා තොරතුරු රැස්කිරීමේ රාජකාරී කටයුතුවල නිරතවී සිටි ඒ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ එම රාජකාරී කටයුතුවල නිරතවෙමින් සිටි අවස්ථාවේදී බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

views

753 Views

Comments

arrow-up