අප්‍රේල් 21 අලුයම සිට දැනට පවතින සංචරණ සීමා ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

අප්‍රේල් 21 අලුයම සිට දැනට පවතින සංචරණ සීමා ඉවතට

අප්‍රේල් 21 අලුයම සිට දැනට පවතින සංචරණ සීමා ඉවතට

දැනට පවතින සංචරණ සීමා මේ මස 21 අලුයම 04ට ඉවත්කර මේ මස 23 රාත්‍රී 10 ට යළි පැනවෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.


 

23 වනදා රාත්‍රී  10ට පැනවෙන සංචරන සීමා 25 වන දා අලුයම 04 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 

 

කෙසේ වෙතත් සංචරණ සීමා  ඉවත් කෙරුණ ද පළාත් අතර සංචරණය තහනම් වන අතර මහජන රැස්වීම් පොදු ස්ථානවල රැස්වීම්, උත්සව සහ සාද තවදුරටත් තහනම් වනු ඇති.

 

සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදිමින් වෙළෙදසැල් විවෘත කිරීමට අවසර ලබාදී ඇති අතර රාජ්‍ය සේවකයින් නිවෙස්වල සිට රාජකාරි ඉටුකිරීම තවදුරටත් සිදුකළ යුතුයි.

 

අත්‍යවශ්‍ය සේවා පමණක් දැනට පවත්නා ක්‍රමවේදය අනුව ක්‍රියාත්මක විය යුතුයි. 

views

1002 Views

Comments

arrow-up