ජූලි මාසයේ ගුරුවරුන් එන්නත් කිරීමෙන් පාසල් යළි ආරම්භ කළ හැකියි - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

ජූලි මාසයේ ගුරුවරුන් එන්නත් කිරීමෙන් පාසල් යළි ආරම්භ කළ හැකියි - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය (VIDEO)

ජූලි මාසයේ ගුරුවරුන් එන්නත් කිරීමෙන් පාසල් යළි ආරම්භ කළ හැකියි - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය (VIDEO)

එළඹෙන ජූලි මාසය වනවිට ගුරුවරුන් එන්නත් කිරීම ආරම්භ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා රජයෙන් ඉල්ලා තිබේ.

 

මෙරට සිටින ලක්ෂ තුනකට ආසන්න ගුරුවරුන් එන්නත්කරනය කිරීමෙන් පාසල් යළි විවෘත කර ගැනීමට අවස්ථාව හිමිවන බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

 

එමෙන්ම එන්නත් කරන වැඩසටහනින් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කළහොත් දෛනිකව වාර්තාවන මරණ සංඛ්‍යාව සති 4ක් තුල 10ක් දක්වා අඩුකරගත හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

 

views

2387 Views

Comments

arrow-up