JUN
29
බීමතින් රාජකාරි කළ පී.සී. ගේ වැඩ තහනම්

ගම්පහ රෝහලේ පොලිස් මුරපොළේ බීමතින් රාජකාරී කරමින් සිටි පොලිස් සැරයන්වරයකු ගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම නිලධාරියා බීමතින් රාජකාරී කරන බවට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බීමතින් සිටි බවට අනාවරණය වී තිබේ.
බීමතින් රාජකාරී කිරීමේ වරදට සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති අතර එලෙස වැඩ තහනම් කර ඇත්තේ ගම්පහ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සැරයන්වරයෙකි.
262 Views
Comments