ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය ඊයේ

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා.
මෙම අවස්ථාව සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ,ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පීඨාදිපති මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, පොලිස්පති සීඩී වික්‍රමරත්න ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
199 Views
Comments