හෙරොයින් සහ මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

හෙරොයින් සහ මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

හෙරොයින් සහ මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

අඟු‍ලාන කල්දෙමුල්ල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 700 ක් සහ මත්පෙති 40 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙක්.

 

මීට පෙර අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත ඊයේ(27) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32ක පුද්ගලයෙක් වනවා.

 

මේ අතර, කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ සිදුකළ තවත් වැටලීමකදී ගංජා ග්‍රෑම් 350 ක්, හෙරොයින් ග්‍රෑම් 40 ක් සහ අයිස් ග්‍රෑම් 16 ක් සහ සමඟ සැකකරුවන්
දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබුණා.

views

756 Views

Comments

arrow-up