ජනතාවට බෙදන්න දුන් බඩුමළු දඹුල්ලේ නිවසකින් මතුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

ජනතාවට බෙදන්න දුන් බඩුමළු දඹුල්ලේ නිවසකින් මතුවේ

ජනතාවට බෙදන්න දුන් බඩුමළු දඹුල්ලේ නිවසකින් මතුවේ

පීඩාවට පත් ජනතාවට නොමිලේ බෙදා හැරීම සඳහා රජය විසින් ලබාදී තිබු රුපියල් 30,000ක් වටිනා බඩු මලු 7ක් දඹුල්ල පල්ලේගම නිවසක තිබී හමුව තිබේ.

 

පල්ලේගම ප්‍රදේශය භාර ග්‍රාමනිලධාරි වරයා මෙම බඩුමලු තොගය අයිතිකරුවන් පැමිණ රැගෙන යනු ඇති බව පවසා මෙම නිවසෙහි තබා ගොස් තිබුණි. කෙසේ වෙතත් දින විස්සකට වැඩි කාලයක් ගතව ගිය පසුවත් ඒවා රැගෙන යාමට අයිතිකරුවෙක් පැමිණ සිටියේ නැත

 

වසංගතයෙන් බැට කෑ දුගී ජනතාව තමාට බඩු මල්ල නොලැබුණු බව ග්‍රාම නිලධාරීවරයාට කොතෙක් පැමිණිලි කලද ඔහු ඒ පිළිබඳව අවධානයක් යොමු කර තිබුණේ නැත. පසුව දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකදී මෙම බඩුමලු තොගය හමුවී තිබුණි.

 

 

 

 

 

 

 

 

source: hirunews

 

views

1198 Views

Comments

arrow-up