හදිසි ගින්නකින් පාසල් ගොඩනැගිල්ලක් විනාශයි

පාසලක හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ල මෙලෙස ගිනිගෙන ඇත.
ඊයේ (15) පස්වරුවේ මෙම ගොඩනැගිල්ල ගිනිගන්නා ආකාරය ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිටි දරුවන් දැක කෑගැසීමත් සමග ප්‍රදේශවාසීන් සහ මාලිම්බඩ පොලීසියේ නිලධාරීන් පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබුණි.
නමුත් ඒ වනවිට එම ගොඩනැගිල්ලේ තිබූ සියලුම භාණ්ඩ ගිනිගෙන විනාශවී ගොස් තිබේ.
පාසල් භූමිය පරිශ්‍රයේ සිටි සුනඛයෙකු ද මෙම ගින්නට හසුවී මියගොස් ඇත.
මෙම ගොඩනැගිල්ල තුළ ක්‍රීඩා භාණ්ඩ, ක්‍රීඩා කිරීම සඳහා භාවිත කරන රුපියල් ලක්ෂ 10කට අධික වටිනා මෙට්ට, පාසල් මේස පුටු, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ගින්නෙන් විනාශවී තිබේ.
අද (16) දහවල් මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.
196 Views
Comments