ලක්ෂ 600ක නීතිවිරෝධී මත්කරල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

ලක්ෂ 600ක නීතිවිරෝධී මත්කරල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ලක්ෂ 600ක නීතිවිරෝධී මත්කරල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන් සහ තරුණයින් සඳහා අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීතිවිරෝධි මත් කරල් තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ඔහු සතුව මත් කරල් 599,000ක් තිබූ බව ද පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.

 

සැකකරු මත්කරල් ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයක් ද විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබුණි.

 

මත් කරල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 6කට ආසන්න බවද පොලීසිය පැවසීය.

 

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි සුජි නැමැති පුද්ගලයෙකු විසින් බෝට්ටුවකින් පැමිණ සිලාවතුර පාලම අසලදී මෙම මත්කරල් තොගය ලබාදුන් බවය.

 

පසුව ඔහුගේ උපදෙස් මත එම මත්කරල් තොගය කොළඹ ප්‍රදේශවලට රැගෙන ආ බවත් සැකකරු පොලීසිය හමුවේ අනාවරණය කර ඇත.

views

143 Views

Comments

arrow-up