OCT
03
“දේශපාලනේ තිත්තයි... ආය ඡන්දෙ ඉල්ලන්නෙ නෑ...” - හිටපු කථා නායක

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තමා තරග නොකරන බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (02) කියා සිටියේය.
දේශපාලනය පිළිබඳව තමාට ඇත්තේ දැඩි කලකිරීමක් යැයි ද හෙතෙම සඳහන් කළේය.
වසර 43ක් දේශපාලනයේ නිරතව සිටි බවත් මේ තත්ත්වය හේතුවෙන් දේශපාලනයෙන් විශ්‍රාම ලබා ඉදිරි ජීවිතය ගතකරන බවත් හෙතෙම කියා සිටියේය.
තමා කිසිම මැතිවරණයකින් මෙතෙක් පරාජයට පත්වී නැතැයි ද මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
183 Views
Comments